ගුන්මා ප්‍රාන්ත රියදුරු බලපත්‍ර මද්‍යස්ථානය

ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රයකින් ජපන් රියදුරු බලපත්‍රයක් සඳහා මාරු වීමේදී අවශ්‍ය ලිපි ලේඛන

  • ශ්‍රී ලාංකීය රියදුරු බලපත්‍රය සහ එහි පිටපතක්
  • රියදුරු බලපත්‍රයේ සත්‍යතා වාර්තාව ( DRIVER INFORMATION EXTRACT රියදුරු තොරතුරු උපුටා ගැනීම )
  • ඉහත සඳහන් කර ඇති සත්‍යතා වාර්තාව ( DRIVER INFORMATION EXTRACT) ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය ( MINISTRY OF FOREIGN AFFAIRS) හරහා සහතික කර ගෙන ගෙන්වා ගත යුතුය .
  • පදිංචිය සහතික කිරීමේ සහතිකයක් jūminhyō (住民票) (certificate OF residence) සහ එහි පිටපතක්
  • වලංගු නේවාසික කාඩ් පතක් ( RESIDENT CARD) සහ එහි පිටපතක්
  • වලංගු විදේශ ගමන් බලපත්‍රය ( PASPORT ) සහ එහි පිටපතක්
  • 05. ඔබගේ රියදුරු බලපත්‍රයේ ජපන් භාෂා පරිවර්තනය ( JAPANESE TRANSLATION )
  • ඔබේ මාසතුනකට පෙර ලබාගත් ඡයාරුපයක් (3CM X 2.4CM)

පහත සඳහන් ලියකියවිලි අවශ්‍ය විය හැකි අවස්ථා තිබේ

ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රය අළුත් කාර්ඩ් එකක් නම් (චිප් එක නැති) ඔබගේ රියදුරු බලපත්‍රයේ සත්‍යතා වාර්තාව ( DRIVER INFORMATION EXTRACT රියදුරු තොරතුරු උපුටා ගැනීම ) ජපානයේ තානාපති කාර්යාලය මගින් සහතික කරගැනීමට අවශ්‍ය වනු ඇත.

වෙලාව වෙන් කරවා ගැනීම

ගුන්මා ප්‍රාන්ත රියදුරු බලපත්‍ර මද්‍යස්ථානයේ වෙලාව වෙන් කරගැනීම රියදුරු බලපත්‍ර මද්‍යස්ථානයේ වෙබ් අඩවිය තුළන් කරගත යුතු අතර එය රියදුරු බලපත්‍ර මද්‍යස්ථානය ලබා දෙන දිනයේ උදේ 9.00 ට වෙබ් අඩවිය තුලට පිවිස ඔබගේ තොරතුරු ඇතුලත් කර වෙන් කරවා ගත යුතුය එම පිටුව සඳහා පහත ලින්ක් එක මගින් පිවිසෙන්න

පැහැදිලි කිරීම – https://www.pref.gunma.jp/uploaded/attachment/650604.pdf

බෙබ් අඩවිය – https://logoform.jp/form/9cfD/598244

ගාස්තු

අර්ධමද්‍යම බලපත්‍රය – විභාග ගාස්තුව 4100 YEN – රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තුව 2050 YEN

සාමාන්‍ය බලපත්‍රය – විභාග ගාස්තුව 2550 YEN – රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තුව 2050 YEN

බයිසිකල් බලපත්‍රය – විභාග ගාස්තුව 2600 YEN – රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තුව 2050 YEN

MOPED බලපත්‍රය (50CC බයික්) – විභාග ගාස්තුව 1500 YEN – රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තුව 2050 YEN

රියදුරු බලපත්‍ර මද්‍යස්ථානය පිහිටි ස්ථානය

අප හා සම්බන්ධ වීම්

Ceylon Driving School අපගේ ෆේස්බූක් පිටුවට පිවිසීමට ඉහත බටන් එක ක්ලික් කරන්න

  • Phone number – වජිර -080-7331-0114 / බිශ්මි – 07091364383 / පැතුම් – 07090505115
  • Email – ceylondrivingschool1@gmail.com
  • Whatsapp number – +818073310114
  • Address – Gunma ken,isesaki shi, sakai iyoku 705 – 2