ටෝකියෝ ෆුචු රියදුරු බලපත්‍ර මද්‍යස්ථානය

ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රයකින් ජපන් රියදුරු බලපත්‍රයක් සඳහා මාරු වීමේදී අවශ්‍ය ලිපි ලේඛන

  • ශ්‍රී ලාංකීය රියදුරු බලපත්‍රය සහ එහි පිටපතක්
  • පදිංචිය සහතික කිරීමේ සහතිකයක් jūminhyō (住民票) (certificate OF residence) සහ එහි පිටපතක්
  • වලංගු නේවාසික කාඩ් පතක් ( RESIDENT CARD) සහ එහි පිටපතක්
  • වලංගු විදේශ ගමන් බලපත්‍රය ( PASPORT ) සහ එහි පිටපතක්
  • ඔබගේ රියදුරු බලපත්‍රයේ ජපන් භාෂා පරිවර්තනය ( JAPANESE TRANSLATION )
  • ඔබේ මාසතුනකට පෙර ලබාගත් ඡයාරුපයක් (3CM X 2.4CM)

වෙලාව වෙන් කරවා ගැනීම

පළමු වරට ඉදරිපත් වන නව අයදුම්කරුවන් ෆුචු රියදුරු බලපත්‍ර මද්‍යස්ථානයේ වෙලාව වෙන් කරගැනීමට රියදුරු බලපත්‍ර මද්‍යස්ථානයේ වෙබ් අඩවිය තුළන් කරගත යුතු අතර එය රියදුරු බලපත්‍ර මද්‍යස්ථාන වෙබ් අඩවිය තුලට පිවිස ඔබගේ තොරතුරු ඇතුලත් කර වෙන් කරවා ගත යුතුය එම පිටුව සඳහා පහත ලින්ක් එක මගින් පිවිසෙන්න

පැහැදිලි කිරීම සහ බෙබ් අඩවිය – https://www.keishicho-gto.metro.tokyo.lg.jp/keishicho-u/reserve/offerList_detail?tempSeq=363&accessFrom=offerList

ගාස්තු

අර්ධමද්‍යම බලපත්‍රය – විභාග ගාස්තුව 3900 YEN – රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තුව 2350 YEN

සාමාන්‍ය බලපත්‍රය – විභාග ගාස්තුව 2500 YEN – රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තුව 2350 YEN

වෙනත් – විභාග ගාස්තුව 2800 YEN – රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තුව 2350 YEN

MOPED බලපත්‍රය (50CC බයික්) – විභාග ගාස්තුව 1600 YEN – රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තුව 2350 YEN

රියදුරු බලපත්‍ර මද්‍යස්ථානය පිහිටි ස්ථානය

අප හා සම්බන්ධ වීම්

Ceylon Driving School අපගේ ෆේස්බූක් පිටුවට පිවිසීමට ඉහත බටන් එක ක්ලික් කරන්න

  • Phone number – වජිර -080-7331-0114 / බිශ්මි – 07091364383 / පැතුම් – 07090505115
  • Email – ceylondrivingschool1@gmail.com
  • Whatsapp number – +818073310114
  • Address – Gunma ken,isesaki shi, sakai iyoku 705 – 2