ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රයෙන් ජපන් රියදුරු බලපත්‍රයට මාරු වීමේ ක්‍රමවේදය ගයිකොකු නො මෙන්කියෝ කිරිකඑ (外国の免許切り替え) ලෙස හඳුන්වන අතර පහත සඳහන් සුදුසුකම් සපුරා ඇති ශ්‍රී ලාංකිකයින් හට තමන් පදිංචිව සිටින ප්‍රාන්තයට අදාල රියදුරු බලපත්‍ර මද්‍යස්ථානය හරහා තම රියදුරු බලපත්‍රය ජපන් රියදුරු බලපත්‍රය බවට මාරු කරගැනීමේ හැකියාව ඇත.

ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් සහ අවශ්‍ය ලියකියවිලි ජපානයේ එක් එක් ප්‍රාන්තය අනුව වෙනස් වන අතර පොදුවේ අවශ්‍ය ලියකියවිලි හා සුදුසුකම් පහතින් පැහැදිලි කරමි

සුදුසුකම්

ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රයෙන් ජපන් රියදුරු බලපත්‍රයට මාරු වීමට ඔබට පහත සුදුසුකම් සපුරා තිබීම අනිවාර්ය වේ

  • ඔබ ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රය ලබා ගැනීමෙන් පසුව ජපානයට පැමිණීමට පෙර ශ්‍රී ලංකාවේ මාස තුනකට ( 3 MONTHS ) රැඳී සිට තිබිය යුතුය.
  • ශ්‍රී ලංකික රියදුරු බලපත්‍රයේ සහ ඔබගේ ගමන් බලපත්‍රයේ ඇති නම එක හා සමාන විය යුතුය.
  • ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රයේ කැඩිම් සීරීම් හෝ පළුදුවීම් නොතිබිය යුතුය

අවශ්‍ය ලියකියවිලි ( DOCUMENTS )

  • ශ්‍රී ලංකික රියදුරු බලපත්‍රය
  • ශ්‍රී ලංකික රියදුරු බලපත්‍රයේ රියදුරු බලපත්‍ර තොරතුරු උපුටා ගැනීමේ ලිපිය නොහොත් සත්‍යතා වාර්තාව ( DRIVER INFORMATION EXTRACT )
  • ඉහත සඳහන් කර ඇති සත්‍යතා වාර්තාව ( DRIVER INFORMATION EXTRACT) ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය ( MINISTRY OF FOREIGN AFFAIRS) හරහා සහතික කර ගෙන ගෙන්වා ගත යුතුය .
  • පදිංචිය සහතික කිරීමේ සහතිකයක් jūminhyō (住民票) (certificate OF residence)
  • වලංගු නේවාසික කාඩ් පත ( RESIDENT CARD)
  • වලංගු විදේශ ගමන් බලපත්‍රය ( PASPORT )
  • ඔබගේ රියදුරු බලපත්‍රයේ ජපන් භාෂා පරිවර්තනය ( JAPANESE TRANSLATION )

ජපන් රියදුරු බලපත්‍රයකට මාරු වීමේදී අවශ්‍ය වන ලියකියවිලි සහ අනෙකුත් ද්‍රව්‍ය ජපානයේ එක් එක් ප්‍රාන්තයන් සඳහා වෙනස්විය හැකිය . ජපානයේ එක් එක් ප්‍රාන්ත සඳහා අවශ්‍ය ලියකියවිලි හා තොරුතුරු වෙන වෙනම පහතින් දක්වා ඇති අතර පහත දක්වා ඇති ඔබට අදාල රියදුරු බලපත්‍ර මද්‍යස්ථානයේ නම සඳහන් බටන් එක මත ක්ලික් කිරීමෙන් ඔබට අදාල රියදුරු බලපත්‍ර මද්‍යස්ථානයේ තොරතුරු ලබා ගත හැකිය. එම නිසා කරුණාකර ඔබට අදාල රියදුරු බලපත්‍ර මධ්‍යස්ථානයට අදාල පිටුව තුලට පහත බටන් හරහා යොමුවන්න . පොදුවේ අවශ්‍ය වන ලියකියවිලි පහත ආකාරයෙන් වේ 

01. ශ්‍රී ලාංකීය රියදුරු බලපත්‍රය

ශ්‍රී ලාංකීය රියදුරු බලපත්‍රය අවශ්‍ය වන අතර ජපානයට පැමිණීමට පෙර බලපත්‍රය ලබාගැනීමෙන් පසුව අවම වශයෙන් දින 90 ක් (මාස 3ක් ) ශ්‍රී ලංකාවේ රැඳී සිට තිබිය යුතුය. (ඔබ දැනට ජපානයේ සිටින්නනම් ඔබට මෙම දින ගණන සම්පුර්ණ නොවන්නේ නම් නැවත ශ්‍රී ලංකාවට ගොස් එම දින ගණන සම්පුර්න කර නැවත පැමිණිය හැකිය. එය එක දිගට නොවුනද ගැටළුවක් නොමැත) උදා :- ඔබ බලපත්‍රය ගෙන දින 30ක් ( මාසයක්) ලංකාවේ රැඳී සිට තිබේ නම් කාලය සම්පුර්ණ කිරීමට ඔබට තවත් දින 60 ක් ( මාස දෙකක්) ශ්‍රී ලංකාවේ සිටීමට අවශ්‍ය වේ. නමුත් ඔබට අවස්ථා දෙකකදී වුවද ශ්‍රී ලංකාවට ගොස් එම කාලය සම්පුර්ණ කරගත හැකිය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවෙන් (DEPARTMENT OF MOTOR TRAFFIC) නිකුත්කරන ලද ඔබගේ රියදුරු බලපත්‍රයේ සත්‍යතා වාර්තාව ( DRIVER INFORMATION EXTRACT රියදුරු තොරතුරු උපුටා ගැනීම ) අවශ්‍ය වේ. ඔබ ජපානය තුල ජිවත්වන ප්‍රාන්තයට අදාල රියදුරු බලපත්‍ර මද්‍යස්ථානය අනුව එහි අවශ්‍යතාව වෙනස් වන බැවින් වැඩි දුර තහවුරු කරගැනීම සඳහා කරුණාකර ඔබට අදාල රියදුරු බලපත්‍ර මධ්‍යස්ථානය අමතන්න 

ඉහත සඳහන් කර ඇති සත්‍යතා වාර්තාව ( DRIVER INFORMATION EXTRACT) ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය ( MINISTRY OF FOREIGN AFFAIRS) හරහා සහතික කර ගෙන ගෙන්වා ගත යුතුය .

තවද පහත සඳහන් කරුණු මත ඔබගේ රියදුරු බලපත්‍ර මද්‍යස්ථානයෙන් ප්‍රත්ක්ෂේප විය හැකි හැකිය

* රියදුරු බලපත්‍රය කැඩී පලුදු වී ඇත්නම්

*බලපත්‍රය තුල ඇති දිලිසෙන ස්ටිකර් කොටස සිරීම් හෝ පලුදු වී ඇත්නම් 

02. පදිංචිය සහතික කිරීමේ සහතිකයක්

jūminhyō (住民票) (certificate OF residence)

පදිංචි සහතිකය ඔබට අදාළ නගර කාර්යාලයෙන් (SHIYAKUSHO) ලබාගත හැකි අතර එය ලබාගත් දින සිට මාස හයක් ඇතුලත ඉදිරිපත් කල යුතුය.

සහතිකය තුල ජාතිකත්වය පැහැදිලිව සඳහන් වී තිබිය යුතුය

ඔබගේ වලංගු නේවාසික කාඩ්පතේ (RESIDENT CARD) අංකය සහතිකය තුල තිබිය යුතු අතර ඔබ කාඩ් පත අලුත් කරනු ලැබුවහොත් අංකය වෙනස්වන නිසා අලුත් සහතිකයක් ලබාගැනීමට සිදුවනු ඇත

03. වලංගු නේවාසික කාඩ් පත ( RESIDENT CARD)

ජපානයේ රැඳීසිටීමට ඔබට නිත්‍යානුකුල වීසා බලපත්‍රයක් තිබිය යුතු අතර ඒ සඳහා නිකුත් කරන නේවාසික කාඩ් පත රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට එය අනිවාර්යෙන්ම අවශ්‍ය වේ

04. වලංගු විදේශ ගමන් බලපත්‍රය ( PASPORT )

ශ්‍රී ලංකා රජ විසින් නිකුත් කරන ලද ගමන් බලපත්‍රය අවශ්‍ය වන අතර එය කල් ඉකුත්වී නොතිබිය යුතුය

තවද ඔබගේ දැනට ඇති ගමන් බලපත්‍රයට අමතරව බලපත්‍ර ඇතිනම් ඒවාද අවශ්‍ය වන අතර ගමන් බලපත්‍රය අලුත් කර ඇතිනම් පරණ බලපත්‍රද අවශ්‍ය වේ. ඔබගේ ගමන් බලපත්‍රය නැති වීමක් හෝ අස්ථාන ගතවීමක් සිදුවී නැවත ලබා ගත් බලපත්‍රයක් නම් ජපාන රියදුරු බලපත්‍ර මද්‍යස්ථානය විසින් ඔබට දන්වනු ඇත එවන් අවස්ථාවක දී පහත සඳහන් කරුණු අනුගමනය කරන්න

ඔබගේ විදේශ ගමන් බලපත්‍රය නැතිවී හෝ අස්ථාන ගත වී නැවත සකස්කරන ලද බලපත්‍රයක් වුවහොත් හෝ ඔබගේ ගමන් බලපත්‍රය තුල පැහැදිලිව ඔබ ශ්‍රී ලංකාවේ මාස තුනක් රැඳී සිට ඇති බව තහවුරු කිරීමට නොහැකි වූ අවස්ථාවක විදේශ ගමන් බලපත්‍රය තුල ඇති විසා බලපත් ලබාගත් තොරතුරු නැති වී යන අතර එහිදී ඔබ ජපානයට පැමිණීමට පෙර ශ්‍රී ලංකාව තුල දින 90 ක් රැඳී සිට ඇති බව තහවුරු කිරීමට නොහැකි වන බැවින් ඔබට ඒ බව තහවුරු කිරීම සඳහා ඔබ ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රය ලබාගත් දින සිට දින 90 කින් පසු පළමු වරට ජපානයට පැමිණීමට පෙර ශ්‍රී ලංකාව තුල ජිවත් වූ කාලය තුල ලබාගත් නිත්‍යානුකුල ලියවිලක් අවශ්‍ය වේ

උදා :- රෝහලකින් නිකුත්කරන ලද බිල්පතක්

බැංකුවකින් නිකුත් කරන ලද රිසිට් පතක්

පිළිගත් ඕනෙම ආයතනයකින් නිකුත් කරන ලද ලියවිල්ලක් වලංගුවන අතර ලියවිල්ල තුල ඔබගේ නම පැහැදිලිව සටහන් වී තිබිය යතුය

සැලකිය යතුය :- මෙම ක්‍රමවේදය ඔබ සිටින බලපත්‍ර මද්‍යස්ථානය අනුව වෙනස් විය හැකි අතර මෙවන් අවස්ථාවකදී බලපත්‍ර මද්‍යස්ථානයේ අදාල නිලදාරියා විසින් ඔබට ඒ බව දැනුම්දෙන අතර ලියකියවිලි සම්බන්ධයෙන්ද පැහැදිලි කිරීමක් සිදු කරනු ඇත. එබැවින් ඔබට අදාල රියදුරු බලපත් මද්‍යස්ථානය වෙත යොමුවන්න.

05. ඔබගේ රියදුරු බලපත්‍රයේ ජපන් භාෂා පරිවර්තනය ( JAPANESE TRANSLATION )

ජපාන මෝටර් රථ සම්මේලනය Japan Automobile Federation( JAF) ආයතනය තුලින් ඔබගේ ශ්‍රී ලංකික රියදුරු බලපත්‍රය ජපන් භාෂාවට පරිවර්තනය කරගත යුතු අතර ඔබගේ ප්‍රාන්තයට අදාල JAF ආයතනය පිහිටා ඇති ස්ථානය සහ වැඩි විස්තර සඳහා පහත දක්වා ඇති ඔබට අදාල ප්‍රාන්තයේ රියදුරු බලපත්‍ර මද්‍යස්ථානයේ නම දැක්වෙන බටන් එක තුලින් යොමු වන්න.

රියදුරු බලපත්‍ර මද්‍යස්ථානය අනුව අවශ්‍ය ලිපි ලේඛන

විදේශ රියදුරු බලපත්‍රයකින් ජපන් රියදුරු බලපත්‍රයට හුවමාරු වීමේදී අවශ්‍ය වන ලිපි ලේඛන අදාල ප්‍රාන්තයේ රියදුරු බලපත්‍ර මද්‍යස්ථානය අනුව වෙනස් වන අතර පහත දක්වා ඇති රියදුරු බලපත්‍ර මද්‍යස්ථාන අනුව ඔබගේ රියදුරු බලපත්‍ර මද්‍යස්ථානයේ නම සඳහන් බටන් එක මත ක්ලික් කර අවශ්‍ය ලියකියවිලි සහ විස්තර පරික්ෂා කරගන්න

ඉහත දක්වා නොමැති ප්‍රාන්ත වල රියදුරු බලපත්‍ර මද්‍යස්ථාන ඉදිරියේදී යාවත් කාලීන වනු ඇත

ශ්‍රී ලංකික රියදුරු බලපත්‍රයෙන් ජපන් රියදුරු බලපත්‍රයට මාරු වන ඔබට සිලෝන් රියදුරු පාසල තුලින් ලබාගැනීමට හැකි සේවා සහ පැකේජයන්

අපගේ සේවා

  • ශ්‍රී ලංකික රියදුරු බලපත්‍රය ජපන් භාෂාවට පරිවර්තනය කිරීමේ සේවාව
  • රියදුරු බලපත්‍ර මද්‍යස්ථානයට පැමිණ පරිවර්තනය කිරීමේ සේවාව
  • ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රයේ තොරතුරු උපුටා (DRIVER INFORMATION EXTRACT )ගැනීම ජපානයට ගෙන්වා ගැනීමේ සේවාව
  • රියදුරු බලපත්‍ර මද්‍යස්ථාන තුල වෙලාව වෙන් කරදීමේ සේවා
  • ලිඛිත විභාගය සඳහා සුදානම් කරවීම

පුහුණුවීම් සඳහා අපගේ පැකේජයන්

සාමාන්‍ය බලපත්‍රය AT (普通の免許 AT)

සාමාන්‍ය බලපත්‍රය MT (普通の免許 MT)

අර්ධ මධ්‍යම බලපත්‍රය 7.5T M T ( 準中型の免許MT )

ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රයෙන් ජපන් රියදුරු බලපත්‍රයට මාරු වීමේදී එම ක්‍රම වේදයේ ගලා යාම පහත පරිදි වේ

  • රියදුරු බලපත්‍ර මද්‍යස්ථානයේ වෙලාව වෙන් කරවා ගැනීම
  • ඉහත සඳහන් ලියකියවිලි සහ රියදුරු බලපත්‍ර පරික්ෂාව
  • යෝග්‍යතා පරීක්ෂණය
  • ලිඛිත විභාගය
  • රියදුරු කුසලතා පරීක්ෂණය
  • රියදුරු බලපත්‍රය ලබාගැනීම

ලිඛිත විභාගය

ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රයෙන් ජපන් රියදුරු බලපත්‍රයට මාරු වීමේ දී ඔබට සරල ප්‍රශ්න 10 යක විභාගයකට මුහුණ දීමට සිදු වේ . අප රියදුරු පාසල තුලින් ශ්‍රී ලංකික ඔබට පුහුණු වීමි සඳහා ආදර්ශ ප්‍රශ්න සහිත ලිඛිත විභාගයක් පහත දක්වා ඇත. නොමිලේ සේවාවක් ලෙස ලබාදෙන මෙම විභාගය සඳහා පිවිසීමට පහත ඇති බටන් එක මත ක්ලික් කර විභාග පිටුවට පිවිසෙන්න

රියදුරු කුසලතා පරීක්ෂණය

ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රයෙන් ජපන් රියදුරු බලපත්‍රයට මාරු වීමේ දී ඔබට ලිකිත විභාගය සමත් වීමෙන් පසුව රියදුරු කුසලතා පරීක්ෂාවක් සඳහා මුහුණ දීමට සිදුවේ. එය ඔබට අදාල රියදුරු බලපත්‍ර මදයස්ථානයේ පැවැත්වෙන අතර ජපන් මර්ගනිති සහ ආරක්‍ෂිත ක්‍රම පිලිබඳ ඔබට මනා දැනුමක් අවශ්‍ය වන අතර රියදුරු පාසලක් තුලින් පුහුණුවීමි සිදු කිරීම තුලින් ඉක්මනින් සමත් වීමට හැකියාව ඇත.

අප හා සම්බන්ධ වීම්

Ceylon Driving School අපගේ ෆේස්බූක් පිටුවට පිවිසීමට ඉහත බටන් එක ක්ලික් කරන්න

  • Phone number – වජිර -080-7331-0114 / බිශ්මි – 09088890114 / පැතුම් – 07090505115
  • Email – ceylondrivingschool1@gmail.com
  • Whatsapp number – +818073310114
  • Address – Gunma ken,isesaki shi, sakai iyoku 705 – 2