CEYLON DRIVING SCHOOL හරහා සාමාන්‍ය ජපන් ක්‍රමවේදය යටතේ රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම
ඔබට සියලුම විභාග සහ ප්‍රයයෝගික පරීක්ෂණයන් ඔබ ජීවත්වන ප්‍රාන්තයට අදාල රියදුරු බලපත්‍ර මදයස්ථානය
හරහා සිදුවන අතර සියලුම විභාගසහ ප්‍රයයෝගික පරීක්ෂණයන් සඳහා ඔබ අදාල රියදුරු බලපත්‍ර මදයස්ථානය
වෙත අප විසින් යොමු කරනු ඇත.
එම ක්‍රමවේදයේ ගලායෑම පහත දක්වා ඇති ආකාරයයන් සිදු වේ .
- තාවකාලික බලපත්‍ර පරීක්ෂණය (ප්‍රශ්න 50කින් සමන්විත වේ)
- ප්‍රායෝගික රියදුරු පරීක්ෂණය (රියදුරු බලපත්‍ර මදයස්ථානය තුල ඇති මාර්ග ධාවන පථය තුල)
- තාවකාලික බලපත්‍රය ලැබීම
- ප්‍රශ්න 95ක ලිඛිත පරීක්ෂණය
- මාර්ග රියදුරු පරීක්ෂණය
- රියදුරු පාසලක් තුලින් ප්‍රථමාධාර ලබාදීම සහ අනතුරු සිදුවූ අවස්ථාවක සිදුකල යුතු ක්‍රියා පටිපාටි පිළිබඳ ව දැනුවත් වීම සඳහා කෙටි පුහුණුවකට සම්බන්ධ වීම
- රියදුරු බලපත්‍රය ලබා ගැනීම
- රියදුරු බලපත්‍රය ලබා ගැනීමට ප්‍රථමයයන් ඔබ තාවකාලික බලපත්‍ර (KARIMENKYO) ලබා ගත යුතුය ඒ
සඳහා ඔබට ප්‍රශ්න 50ක මාර්ග නීති හා මාර්ග සංඥා ආශ්‍රයයන් සකස්වූ ලිඛිත පරීක්ෂණයක් ඇත - ඉහත සඳහන් ප්‍රශ්න 50ක ලිඛිත පරීක්ෂණය සමත් වූ පසු ඔබට ප්‍රායයෝගික රියදුරු පරීක්ෂණයට මුහුණ
දීමට සිදුවේ . එහිදී රියදුරු බලපත්‍ර මධ්‍යස්ථානයේ ඇති ධාවන පථය මත ප්‍රායයෝගිකව වාහනයක් ජපන්
මාර්ග නීති අනුව පදවා පෙන්විය යුතු අතර. ඉහත සඳහන් ප්‍රශ්න 50ක ලිඛිත පරීක්ෂණය සමත් වී මෙන් පසු
මාස හයක් ඇතුළතදී ඔබ එම පරීක්ෂණයෙන් සමත් විය යුතුය. ඔබට මාස හයක් ඇතුළතදී පරීක්ෂණය
සමත් වීමට නොහැකි වුවහාත් නැවතත් ප්‍රශ්න 50ක පරීක්ෂණයට මුහුණදීමට සිදුවේ. රියදුරු පරීක්ෂණය
සඳහා පුහුණුවීම් අප ආයතනය තුළින් සිදු කරන අතර පැය දොළහක් වූ කාලසීමාවක් ඔබ සඳහා ප්‍රායයෝගික
පුහුණුව ලබාදේ.
පැය දොළහක කාලසීමාව තුළ ඔබට පරීක්ෂණය සඳහා අවශ්‍ය ප්‍රමාණයේ රියදුරු කුසලතාවයක් නොමැති
වුවහාත් මුදල් අය කිරීමකින් තොරව තවත් පැය දෙකක කාල සීමාවක් අප ආයතනය විසින් ලබා දෙන
අතර එම කාල සීමාව ඉක්මවා යෑමේ දී අමතර පැයක් සඳහා JAPAN YEN 2000ක අය කිරීමක් සිදුකිරීමට
සිදු වේ . - රියැදුරු කුසලතා පරීක්‍ෂණය සමත් වීමෙන් පසුව ඔබට තාවකාලික බලපත්‍රය ලැබෙනු ඇත. ඉන්පසු අප ආයතනය තුළින් දවස්පහක කාලයක් ඔබව මාර්ගවල ප්‍රායයෝගිකව පුහුණු කරන අතර එක් දිනකට පැය දෙක බැගින් පැය දහයක කාලසීමාවක් ඔබව පුහුණු කරනු ලැබේ.
- ඉන්පසු ඔබට නැවතත් ප්‍රශ්න 95ක් සහිත ලිඛිත පරීක්ෂණයක් සඳහා මුහුණ දීමට සිදුවේ ඉන් ප්‍රශ්න
අනුවකට නිවැරදි පිළිතුරු සැපයීයමන් ඔබට එම පරීක්ෂණයසමත් විය හැකිය. ඒ සඳහාද අප ආයතනය තුළින් ඔබට ආදර්ශ ප්‍රශ්න පත්‍ර ලබාදීම සහ සූම් තාක්ෂණය ඔස්සේ පන්ති පවත්වනු ලැබේ - ඉහත සඳහන් කර ඇති ලිඛිත පරීක්ෂණය සමත් වීමෙන් පසුව ඔබට සාමාන්‍ය මාර්ගයක රිය පැදවීම
සඳහා ඇති කුසලතාවය පරීක්ෂා කිරීම සඳහා මාර්ග පරීක්ෂණයක් ඇත. එය ඔබට අදාල රියදුරු බලපත්‍ර
මධ්‍යස්ථානයෙන් සිදු කරනු ලැබේ. විශේෂයෙන් සැලකිය යුතු කරුණක් වනුයේ තාවකාලික බලපත්‍රය ලබා ගැනීමෙන් පසුව මාස හයක් ඇතුලත ඔබ ඉහත සඳහන් පරීක්ෂණ සමත්වීම අනිවාර්ය වේ. මාස හයක් ඇතුළත ඔබ සමත් වීමට අපොහොසත් වුවහාත් ඔබට නැවත මුල සිට ආරම්භ කිරීමට සිදුවනු ඇත. - ඉහත සඳහන් සියලු පරීක්ෂණ අවසානයේදී ඔබට ජපානයේ අනුමත රියදුරු පාසලක් වෙත යොමුවී.ප්‍රථමාධාර ලබාදීම සහ අනතුරු සිදුවූ අවස්ථාවක සිදුකල යුතු ක්‍රියා පටිපාටි පිළිබඳ ව දැනුවත් වීම සඳහා කෙටි පුහුණුවකට සම්බන්ධ වීමට සිදුවන අතර එම රියදුරු පාසලෙන් එම පුහුණුව ලබා ගත් බවට සහතිකකර ලබා දෙන ලියවිල්ල රැගෙන ගොස් බලපත්‍ර මධ්‍යස්ථානයයන් රියදුරු බලපත්‍රය ලබා ගැනීමට හැකිවේ.
අප හා සම්බන්ධ වීම්
Ceylon Driving School අපගේ ෆේස්බූක් පිටුවට පිවිසීමට ඉහත බටන් එක ක්ලික් කරන්න